"චිලී පෙස්ට්" සදා ගන්නා ආකාරය පහත දැක්වා ඇත.
කැලි මිරිස් මේස හැඳි 1 1/2 පමන(පුරවා ගත්) (තම රුචිකත්වය අනුව අඩු වැඩිකර ගත හැක.)
සුදුලූනු බික් 5ක් පමන (ඉතා සිහින් වෙන්න කපා ගන්න )
ලොකු ලූනු පොඩි ගෙඩි 1 (ඉතා සිහින් වෙන්න කපා ගන්න )
වියලි කූනිස්සන් මේස හැඳි 1/2 (මත්ස්‍ය මාංශ නොකන අය මෙය නොයෙදුවාට ප්‍රශ්නයක් නැත )
සොයා සෝස් මේස හැඳි 1
සියඹලා තේ හැන්දි 2 (වතුර ඉතාමත් ස්වල්පයක දිය කරගෙන ඇට සහ පොතු ඉවත් කරගන්න )
තෙල් කෝප්ප 1/2
දුඹුරු සීනි තේ හැඳි 1
රස අනුව ලුනු
භාජනයක් ලිප තබා තෙල් දමා රත් කරන්න මෙය මද ගින්දරෙ රත් වෙන්න හරින්න
තෙල් රත්වූ පසු සුදු ලූනු දමා තරමක රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න.
එයට ලූනු දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න
වියලි කූනිස්සන් දමා තරමක් බැදෙන්න අරින්න.
ගින්දර තරමක් අඩු කර කැබලි මිරිස් දමා මිනිත්තුවක් පමන කලවම් කරන්න.(පමන ඉක්මවා බදින්න එපා)
සොයා සෝස්,දුඹුරු සීනී,සියඹලා දමා මිනිත්තුවක් පමන කලවම් කරගන්න.
රස අනුව ලුනු දමා ගන්න.
මිශ්‍රනය නිවුන පසු ග්‍රයින්ඩරයක් ආධාරයෙන් තරමක් අඹරා ගන්න( පමන ඉක්මවා අඹරන්න එපා)
හොඳින් සෝදා වියලා ගත් ජෑම් බෝතලයක අසුරා ශීතකරනයේ තබා ගන්න.
මෙය සිසිල් කාලගුනයක් යටතේ මාසයක් පමන කල් තබා ගත හැක.
Post a Comment